ඔබ ලිනක්ස් පරිෂීලකයෙක් නම් ඔබට අාරක්ෂිත මුරපදයක් සෑදීම වෙනුවෙන් මොළය වෙහෙසමින් කල්පනා කල යුතු නොෙව්. එනම් linux command line එක භාවිතා කර ඔබට උවමනා අාකාරයට මුරපදයක් තනාගත හැක. මෙයට අදාල විධානය pwgen ය. මෙහිදී ඔබට අවශ්ය මුරපදයෙ අාකාරය pwgen විධානය සමග ලබා දුන් විට මුරපදය තිරය මත පෙන්වයි. මෙහි දී මුලින් භාවිතා කල විධානයම නැවත ලබා දුන්නද ඔබට මුලින් පෙන්වූ මුරපදය නැවත වරක් නොපෙන්වයි. එනම් මෙහිදී මුරපද නිර්මාණය කරනුයෙ අහඹු ලෙසය.
linux command line එක මත pwgen විධානය සමග ලබා දුන් විට bash: pwgen: command not found අිකාරයෙන් පණිවුඩයක් දිස්වන්ෙන් නම් ඔබගෙ package manager එක භාවිත කර pwgen ස්ථාපනය කර ගන්න.
pwgen විධානය භාවිත කල යුතු අාකාරය පහත දැක්වෙ.
pwgen [ OPTIONS ] [ pw_length ] [ num_pw ]
- මෙහි [ OPTIONS ] යන ස්ථානයට ඔබට අවැසි මුරපදයෙ අාකාරය එනම් මුරපදයතුල ඉංග්රිසි කැපිටල් අකුරක්, ඉංග්රිසි සිම්පල් අකුරක්, ඉලක්කමක්, සංකෙතයක් (symbol) අවැසි දැයි ප්රකාශ කල හැක. OPTIONS ලබා දෙන විට අාරම්භයට - සලකුණ ලබා දීමට අමතක නොකල යුතුය.
- [ pw_length ] යන ස්ථානයට ඔබට අවැසි මුරපදය සමන්විත විය යුතු අක්ෂර (characters) ගණන ලබා දිය හැක.
- [ num_pw ] යන ස්ථානයට ඔබට අවැසි මුරපද ගණන ලබා දිය හැක. එනම් තිරය මත දිස්විය යුතු මුරපද ගණන ලබා දිය හැක
- (මෙහිදී වරහන්, එනම් [ ] භාවිත නොකිරීමට වගබලා ගන්න.)
Options supported by pwgen:
-c or --capitalize
අඩුම තරමින් එක capital අකුරක්වත් අැතුලත් විය යුතු බවට උපදෙස් දෙයි.
-A or --no-capitalize
capital අකුරු අැතුලත් නො විය යුතු බවට උපදෙස් දෙයි.
-n or --numerals
අඩුම තරමින් එක ඉලක්කමක් වත් අැතුලත් විය යුතු බවට උපදෙස් දෙයි.
-0 or --no-numerals
ඉලක්කම් අැතුලත් නො විය යුතු බවට උපදෙස් දෙයි
-y or --symbols
අඩුම තරමින් එක සලකුණක්වත් අැතුලත් විය යුතු බවට උපදෙස් දෙයි.
-s or --secure
සම්පූර්ණයෙන්ම අහඹු මුරපද නිර්මාණය කරයි.
-B or --ambiguous
Don't include ambiguous characters in the password
-h or --help
pwgen හා අදාල උපකාරක පිටුව පෙන්වයි.
-H or --sha1=path/to/file[#seed]
Use sha1 hash of given file as a (not so) random generator
-C
නිර්මාණය කරන ලද මුරපද, තීරු ලෙස තිරය මත පෙන්වයි.
-1
නිර්මාණය කරන ලද මුරපද, තීරු ලෙස තිරය මත නොපෙන්වයි.
-v or --no-vowels
මුරපද නිර්මාණය කරන විට vowels භාවිතා නොකරයි. එවිට වදන් ලෙස ශබ්ද කල හැකි මුරපද නිර්මාණය නොකරයි.
No comments:
Post a Comment